මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන් මෑන් 3 වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන බව කවුරුත් දන්නව ඇතිනෙ
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී “ඕල්ඩ්‍රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් “ටෝනි ස්ටාක්ට” (අයන් මෑන්) යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ. එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි. ටෝනි කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්නෙ. දවසක් මෙයාට කේන්ති ගිහින් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම “මැන්ඩරින්ට” තර්ජනය කරනව. තමන්ගෙ ගෙදර ලිපිනයත් කියල පුලුවන් නම් තමන්ගෙ වැඩ පෙන්නන්න කියල අභියෝග කරනව. නොසිතූ විරූ වෙලාවක අයන් මෑන්ගේ නිවසට එයා හෙලිකොප්ටර් මගින් බරපතල ලෙස පහරදීල මුලුමනින්ම විනාශ කරල දානව. මේ අතරෙ අයන් මෑන් “ජාවිස්” එක්ක පැන ගන්නව. “ජාවිස්” කියන්නෙ අයන් මෑන් ඇඳුම, එය කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ කෙනෙක්. තමන්ට එල්ල වූ ප්‍රහාර නිසා දැන් අයන් මෑන් දරුණු ලෙස තුවාල වෙලා ඉන්නෙ. ඒවගේම තම නිවසින් හැතැක්ම දහස් ගානක් ඈත ඉන්නෙ…
ඉතින් යාලුවනේ......මෙතනින් එහට තව විස්තර කීවොත් අග්....නැහැනේ......ඔයාල බා ගෙනම බලන්නකෝ.......
පහලින් බා ගන්නකෝ.............




.png)

.jpg)




.gif)