Header

The Fast and the Furious: Tokyo Drift (2006)

කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා කිසිම අපහසුවකින් තොරව බලන්න පුළුවන්.....
චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලට කෙටියෙන් කියන්නම්. “ෂෝන්” කියලා අවුරුදු 18ක විතර කොල්ලෙක් එයාගේ අම්මත් එක්ක ජිවත් වෙනවා. මෙයා වාහන රේස් ආදිය පිළිබද ටිකක් උනන්දුයි. හැබැයි මෙයාට රේස් ගිහින් පොලිසියෙන් කේසුත් වැටිලා තියෙන්නේ. ඔය අතරේ මෙයා ඉස්කෝලේ කොල්ලෙක් එක්ක රේස් එකක් යනවා. කොහොමහරි ඕක නවතින්නේ අනතුරකුත් වෙලා පොලිසිත් ගිහින්. ඉතින්, ශෝන්ව අම්මට බලාගන්න අමාරු නිසා එයාව ජපානේ ඉන්න තාත්තා ගාවට යවනවා.
මම ඔයාලට කිවුවේ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි කීපය විතරයි. ශෝන්ට ජපනේදී මොකද වෙන්නේ?? කාර් ගැන මොනාද එයා ඉගෙන ගන්නේ??

මේ....හැම දේකටම උත්තර ඔයාලම හොයාගන්නකෝ....යාලුවනේ.......


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...