Header

මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය

The Lord of the Rings: The Fellowship of the Ring (2001)



J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය වුනු චිත්‍රපටය තමා මේක. IMDB ratings 8.8 ලබාගත්තු මේ ෆිල්ම් එක ලෝකය පුරා BoxOffice වාර්ථා කීපයක්ම තබන්නත් සමත් වුනා.

මේකේ කථාව මූලික වෙලා තියෙන්නේ සවුරොන් කියන නපුරු රජතුමා නිර්මාණය කල අතිශය බලවත් මුද්දක් මත. නමුත් යුද්ධයේදී මේ රජතුමා පරාජය වෙනව. තම ස්වාමියා වුනු සවුරොන් රජතුමා මැරුනට පස්සෙ මේ මුද්ද සෑම උත්සාහයක්ම ගන්නව තම ස්වාමියාට නැවතත් ජීවය දීමට ඔහු පාළනය කරපු ප්‍රදේශයට යාමට. නමුත් කාලයාගේ අවෑමෙන් වසර ගනනාවකට පස්සෙ ඒ මුද්ද ෂයර් වල බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයාගේ අතට පත්වෙනව. ඔහුගෙන් පස්සෙ ඒ මුද්ද අයිතිවෙන්නේ ඔහොගේ ඥාති පුත්‍රයා වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට. බිල්බෝගේ යහලු මායාකරයෙක් ඉන්නව ගැන්ඩල්ෆ් ද ග්‍රේ කියල. ඔහු දකිනව මේ මුද්ද ෆ්‍රෝඩෝ ලඟ තියනව. ඒ වගේම ඔහු මේ මුද්දේ පුරාණ කතාවත් දන්නව. මේ මුද්ද විනාශ කරන්න හැකි එකම ක්‍රමය වන්නේ එය නිර්මානය කරපු මෝඩෝර් හි ගිනියම් ලාවා වලට පමණයි. ගැන්ඩල්ෆ් මේ මුද්ද ෂයර් වලින් පිටකරන්න ෆ්‍රෝඩෝට භාර දෙනව. මේ අතර සවුරොන්ගේ ආත්මය මුද්ද සොයාගෙන ෂයර් වලට එනව. ඒ අතර ඇතිවෙන ගැටුමකදී ෆ්‍රෝඩෝ මරණීය තුවාල ලබනව. එහිදී ෆ්‍රෝඩෝ සහ මුද්ද ගෙනියනව එල්‍ රොන්ඩ් රජු පාලනය කරන රිව්ව්න්ඩල් කියන ප්‍රදේශයට. එහිදී මුද්ද විනාශ කිරීම සදහා අනෙකුත් රජවරුන්ගේ සහයෙන් 9 දෙනෙකුගෙන් යුත් මිත්‍ර සංගමයක් පිහිටුවා ගන්නවා. මුද්ද මෝඩෝර් වෙත ගෙන යෑමේ භාරදූර රාජකාරිය පැවරෙන්නේ ෆ්‍රෝඩෝට. ගැන්ඩල්ෆ් මග පෙන්වීමට ඉදිරිපත් වෙනව. ඔහු එම මුද්ද මෝඩෝර් වෙත රැගෙන යාම හා ඒ අතර සවුරොන්ගේ ආත්මයෙන් හා ඔහුගේ සේනාව සමග ෆ්‍රෝඩෝ ඇතුලු පිරිසට මුහුණ දෙන්න වෙන බාධක හා සටන් වලින් පිරි ත්‍රාසජනක ගමනේ ඉතුරු ටික මම කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න එක තමා වඩා හොඳ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...